පිස්ටනය සහා පිස්ටන් වළලු(Piston and Piston rings)


පිස්ටනය සහා පිස්ටන් වළලු(Piston and Piston rings)



පිස්ටනය(Piston)

  • පිස්ටනයේ ප්‍රධාන කාර්ය වන්නේ ඉන්ධන දහනයෙන් එන්ජිම් සිලින්ඩරය තුල නිපද වන ජවය සැබදුම් දන්ඩට සම්ප්‍රෙෂණය කිරීම හා ඒ ඔස්සේ දගර කද වෙෙත ලබා දීමයි.
  • පිස්ටනයේ ඉහල කොටස පිස්ටන් හිස(Piston head)ලෙස හැදින්වේ.
  • පිස්ටනයේ අනුවැටුම් චලිතයෙදී පිස්සිටනය සින්ඩර් බද හා ස්පර්ෂ නොවේ.
  • එමෙන්ම පිස්ටනයේ හිස නිතරම ගිණිදැල් සමග ගැටෙන නිසා එම කොටසේ උෂ්ණත්වය අධික වේ.මෙම නිසා පිස්ටනයේ යට කොටසට වඩා ඉහල කොටසෙහි විෂ්කම්බය මදක් කුඩා කර නිපදවයි.(අධීකව රත් වීම නිසා ප්‍රසාරනය වේ)
  • පිස්ටනයේ ඉහල කොටසේ වක්‍ර පෘෂ්ටය තුලට හාරන ලද ඇලි(Piston groove) තිබේ.මේවා තුලට පිස්ටන් වළලු සම්බන්ද  වේ.
  • මෙහි ඉහලින්ම පිහිටා ඇති ඇලි සදහා සමිපීඩන වළලු(Compression rings) සම්බන්ද වන අතර පහලින් පිහිටා ඇති ඇලි සදහා තෙල් පාලන වළලු(Oil control rings) සම්බන්ද කරනු ලබයි.
  • පිස්ටන් නිපද වීම සදහා ඇලුමනියම් මිශ්‍ර ලෝහ යොදා ගනු ලබයි.
  • පිස්ටනයේ බද ගෙවී යාම  මෙහි දැකිය හැකි දෝෂයකි.මෙය සිදු වීමට බලපාන හේතු කීපයකි.
  1. පිස්ටනය අධිකව රති වීම නිසා ඇතිවන ප්‍රසාරනය නිසා සිලින්ඩර් බිත්තිය හා පිස්ටන් බද එකින් එක ඇතිලිලීම නිසා.
  2. අවශ්‍ය පරිදි ස්නේහන තෙල් නොලැබීම.
  3. සිසිලන පද්දතියේ දෝෂ ඇති වීම.
  4. එන්ජිම් සිලින්ඩරය තුලට ජලය කාන්දු වීම.
  5. නියමිත ප්‍රමානයට වඩා රත් වීම.
  6. ස්නේහන තෙල් වල ප්‍රමිතිය.

පිස්ටන් වළලු(Piston rings)



පිස්ටනයේ ඉහලින් පිහිටා ඇති ඇලි තුලට දැමීම සදහා පිස්ටන් වළලු නිපදවා තිබේ.මෙවා ප්‍රධාන වර්ග දෙකකි.
  1. සම්පීඩන වළලු(Compression rings)

සම්පීඩන වළලු පිස්ටනයේ ඉහලින්ම පිහිටා ඇති ඇලි සදහා යොදයි.මෙම වළලු මගින් සිලින්ඩරය පිස්ටනය අතර ඇති කුහරය මගින සිදුවන වායු කාන්දුව වැලැක්වීමයි. මෙ සදහා බොහේ එන්ජිම් වල වළලු දෙකක් බාවිතා කරනු ලබයි.සම්පීඩන වළලු අධිකව රත් වන බැවින් එය අවම නරගැනීමට ක්‍රෝමියම් වැනි ලොහ තට්ටුවක් ආලේප කරනු ලබයි. 


     2.තෙල් පාලන වළලු(Oil control rings)


මෙම වළලු පිස්ටනයේ පහළින්ම ඇති ඇලි සදහා යොදනු ලබයි.මෙහි කාර්ය්‍ය වන්නේ සිල්න්ඩර් බිත්තියෙ එකාකාර තෙල් මට්ටමක් පවත්වා ගැනීම හා අවෂ්‍ය පරිදී පාලනය කිරීම යි.


පිස්ටන් වළලු වල දෙකෙලවර කුඩා පරතරයක් දැකිය හැකිය.එමගින් වළල්ල පිස්ටනයට සම්බන්ද කිරීම පහසුය.නමුත් සම්පීඩන වළලු සවිකිරීමේදී එම පරතරය එකම රේකාවක නොපිහිටන සේ සවිකරනු ලබයි.එමගින් වායු කාන්දු වීම වලක්වා ගත හැකිය. පහත රෑපයේ පිස්ටනයේ ඇති ඇලි දක්වා ඇත.
 


Comments