Civil ඉදිකිරීම් සදහා බවිත ද්‍රව්‍ය හදුනා ගනිමු
ඉදිකිරීම් සදහා භාවිත වන ද්‍රව්‍ය හදුනා ගනිමු.
ඉදිකිරීමක් කිරීමට බලපාන මූලික සාධක අතරින් ඉදකිරීම් ද්‍රව්‍ය වලට ප්‍රධාන තානක් හිමි වේ.එනම් නිර්මිතයෙහි කල්පැවැත්ම ගුණාත්මක බාව හා ශක්තිය රදා පවතින්නේ තොරාගනු ලබන ඉදිකිරීම් ද්‍රව්‍ය මතය.එම නිසා ඉදිකිරීමක් සිදු කිරීමේදි යොදා ගන්නා ද්‍රව්‍යන්හි ගුනාත්මක බාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතුය.ද්‍රව්‍ය තොරා ගැනීමේදී පහත සදහන් ගුණ පිළිබද ව අවධානය යොමුකල යුතුය.
- ශක්තිය
- කල්පැවැත්ම
- ඝනක්වය
- සෞන්දර්යාත්මක බව
- බලශක්ති පිරිමාසුම
- ප්‍රතිචක්‍රීකරණ හැකියාව
- ගඩොල්
- බ්ලොක් ගල්
- කළු ගල්
- කබොක් ගල්
- සිමෙන්ති / හුණු / මැටි
- වැලි
- ජලය
- ක්‍රොන්ක්‍රීට්
- වරගැන්වුම් කම්බි
- උළු / ඇස්බැස්ටෝස් / තහඩු /ගැල්වනයිස් තහඩ් / ඇලුමිනියම් තහඩු
- ප්ලාස්ටික්
- තුනී ලෑලී / දැව / දැව ආලේපන
- P.V.C
- වීදුරැ
ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගීකරණය
ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රධාන වෂයෙන් කොටස් තුනකට කැඩිය හැක
- නිෂ්පාදිත ස්වභාවය අනුව.
- කෙරෙන කාර්යය අනුව.
- රසායනික සංයුතිය අනුව.
01.නිෂ්පාදිත ස්වභාවය අනුව ඉදිකිරීම් ද්‍රවය
නිෂ්පාදිත ස්වභාවය අනුව ඉදිකිරීම් ද්‍රවය ස්වභාවක ද්‍රව්‍ය හා නිෂ්පාදිත ද්‍රවය ලෙස වර්ග දෙකකි.
- ස්වභාවික අමුද්‍රව්‍ය(Natural raw materials)
- ස්භාවිකව අපට ලැබෙන ජලය, මැටි , පස් , වැලි , දැව , කළු ගල ආදිය මෙයට උදාහරණ ලෙස දැක්විය හැකිය.
- ස්භාවික ද්‍රව්‍ය වල භෞතික තත්ව පමණක් වෙනස් කිරීම මගින් භාවිතයට ගත හැකිය.
- එමෙන්ම තාක්ෂණයේ දියුනුවත් සමග මෙවා කෙරෙහි ඇති වැඩි ඉල්ලුම නිසා ස්වභාවික සම්පත් ක්ෂය විමේ අවදානමක් මතු වි ඇත.
- එම නිසා මේවා ඵලදායී ලෙස භාවිතා කිරිම හා විකල්ප ආදේෂක ද්‍රව්‍ය හදුනා ගැනීම අප වෙත පැවරි ඇති වගකීමකි.
2.නිෂ්පාදිත අමුද්‍රව්‍ය (Manufactured raw materials)
- ස්භාවිකව අපට ලැබෙන ජලය, මැටි , පස් , වැලි , දැව , කළු ගල ආදිය මෙයට උදාහරණ ලෙස දැක්විය හැකිය.
- ස්භාවික ද්‍රව්‍ය වල භෞතික තත්ව පමණක් වෙනස් කිරීම මගින් භාවිතයට ගත හැකිය.
- එමෙන්ම තාක්ෂණයේ දියුනුවත් සමග මෙවා කෙරෙහි ඇති වැඩි ඉල්ලුම නිසා ස්වභාවික සම්පත් ක්ෂය විමේ අවදානමක් මතු වි ඇත.
- එම නිසා මේවා ඵලදායී ලෙස භාවිතා කිරිම හා විකල්ප ආදේෂක ද්‍රව්‍ය හදුනා ගැනීම අප වෙත පැවරි ඇති වගකීමකි.
- ස්භාවික අමුද්‍රව්‍යවලට මිනිස් ශ්‍රමය බල ශක්තිය සහා යන්ත්‍ර සූත්‍ර වැනි සාධක යොදා ගෙන අමුද්රව්යෙය් භෞතික හා රසායනික ගුණ වෙනස් කිරීම මගින් නිපදවන ද්‍රව්‍ය නිෂ්පාදිත අමුද්‍රව්‍ය ලෙස හදුන්වනු ලැබේ.
- සිමෙන්ති , ගඩොල් , බ්ලොක් ගල් , ක්‍රොන්ක්‍රීට් ගල් , වීදුරැ , තුනී ලෑලි මෙයට උදාහරණ ලෙස දැක්විය හැකිය.
- නිෂ්පාදන ක්‍රියාවලියේදී පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කිරීම හා නිෂ්පාදතයන් ඉතා පලදායි ලෙස භාවිතයට ගත යුතුය.
02.කෙරෙන කාර්යය අනුව ඉදිකිරීම් ද්‍රව්‍ය
කෙරෙන කාර්යය අනුව ඉදිකිරීම් ද්‍රව්‍ය කොටස් තුනකි,
- පිරවුම් ද්‍රව්‍ය/හැට්ම් ද්‍රව්‍ය
- බැදුම් ද්‍රව්‍ය
- ආරක්ෂණ ද්‍රව්‍ය
1.පිරවුම් ද්‍රව්‍ය/හැටුම් ද්‍රව්‍ය(Structural materials)
- ගොඩනැගිල්ලකින් අපේක්ෂා කරන ශක්තිය , ස්ථායිතාව , හැඩය , ආරක්ෂාව හා කල්පැවැත්ම ලබා දීම හැටුම් ද්‍රව්‍යවල මූලික කාර්යය වේ.
- ගඩොල්,දැව,කළු ගල්,සෙවිලි ද්‍රව්‍ය,වානේ, වීදුරැ හා ක්‍රොන්ක්‍රීට් හැටුම් ද්‍රව්‍ය වලට උදාහරන වේ.
2.බැදුම් ද්‍රව්‍ය(Bonding materials)
- ගොඩනැගිලි ඉදිකිරීමේදි හැටුම් ද්‍රව්‍ය රදවා තබා ගැනීම සදහා බැදුම් ද්‍රව්‍ය භාවිතා කරයි.
- මෙ සදහා සියළු බදාම විශෙෂයන් හා රසායනික ඇලවුම්,රසායනික ලකන,යාන්ත්‍රික ලකන උදාහරන ලෙස දැක්විය හැකිය.
3.ආරක්ෂණ ද්‍රව්‍ය
- යම් නිර්මාණයකින අපේක්ෂා කරන ගුණ ඒ අයුරින්ම පවත්වා ගැනීම සදහා ආරක්ෂණ ද්‍රව්‍ය බාවිතයට ගැනේ.
- ආරක්ෂණ ද්‍රව්‍ය මගින් වේයන ගුල්ලනගෙන් වන හානිය වළක්වා ගැනීම,කාලගුනික හා දේශගුණක සාධකවලින් ආරක්ෂා කිරීම, පෙනුම ඔපවත් කිරීම,ජල රෝධනය,දිලීර පාලනය ආදිය අපේක්ෂා කෙරේ.
- කපරාරැව ලෙස යොදන විවිධ බදාම වර්ග,දැව ආරක්ෂණ, මල නිවාරණ තීන්තද,බිත්ති, දැව,ලෝහ,පොළව සදහා බාවිතා වන තීන්ත වර්ග උදාහරණ වේ.
03.රසායනික ද්‍රව්‍ය අනුව ඉදිකිරීම් ද්‍රව්‍ය
රසායනික සංයුතිය මත පදනම්ව ඉදිකිරීම ද්‍රව්‍ය ලෝහ ද්‍රව්‍ය,බහු අවයවික ද්‍රව්‍ය,සුමැටි ද්‍රව්‍ය,සංයුක්ත ද්‍රව්‍ය ලෙස වර්ගකර හැකිය.
- ලොහ ද්‍රව්‍ය(Metal)
- යකඩ සහිත (ෆෙරස්)හා යකඩ රහිත (නිෆෙරස්) යනුවෙන් ලොහ ප්‍රධාන කාණ්ඩ දෙකකි.
- චිනචට්ටි හා වානේ බහුලව බාවිතා කරන ෆෙරස් විශෙෂයක් වේ.
- තඹ ඇලුමිනයම් තුත්තනාගම් මැගිනීසියම් සහ ටයිටේනියම් නිෆෙරස් ලෝහ වේ.
- පිත්තල හා ලෝකජ නිෆෙරස් මිශ්‍ර ලොහ වේ.
2.බහු අවයවික(Polymers)
- බහු අවයවික ප්‍රදාන වශයෙන් ස්භාවක හා කෘතිම ලෙස කොටස් දෙකකි.
- සියලුම රබර් හා ඒ ආශ්රිත නිෂ්පාදන ස්වභාවික බහු අවයවික වේ.
- කෘතිම බහු අවයවික කොටස් දෙකකට කැඩේ
- තාප සුවිකාර්ය (Thermo Plastic)
- තාප ස්ථාපන (Thermo Sets)
- තාප සුවිතාර්ය ද්‍රව්‍ය ලෙස P.V.C. , U.P.V.C.(Unplasticised P.V.C.) දැක්විය හැක් අතර තාප ස්ථපන ද්‍රව්‍ය ලෙස C.P.V.C(Chlorinated P.V.C) හා බියුටලීන් දාක්විය හැකිය.
3.සෙරමික් ද්‍රවය
- කළු ගල් , වීදුරැ , පිගන් මැට , පොසිලන් මෙ ගනයට අයත් වේ.
4.සංයුක්ත ද්‍රව්‍ය(Composite materials)
- කෙදි වීදුරැ හෙවත් වරගැනවු බහු අවයවික හා ක්‍රොන්ක්‍රීට් මෙ සදහා උදාහරනවේ.
ලිපිය ගැන ඔයාලට හිතෙන දෙ පහලින් Comment කරලා යන්න. ඊලග ලිපියෙන් ඉක්මනටම හම්බෙමු!
Comments
Post a Comment