මූලික ස්වයංචල තාක්ෂණවේදය(Basic Automobile Technology) - සිවු පහර එන්ජිම/දෙපහර එන්ජිම

මූලික ස්වයංචල තාක්ෂණවේදය(Basic Automobile Technology) - සිවු පහර එන්ජිම/දෙපහර එන්ජිම

සිව් පහර එන්ජිම ( Four Stroke Engine) 

සිව් පහර එන්ජිමක ක්‍රියාකාරිත්වය පහරවල් හතරකින් සමන් විතය.
  1. චූෂණ පහර (Intake Stroke)
  2. සම්පීඩන පහර (Compression Stroke)
  3. බල පහර ( Power Stroke)
  4. පිටාර පහර (Exhaust Stroke)
මෙම එක් එක් පහරට අදාළ එන්ජිමේ ක්‍රියාකාරීත්වය පහත රෑපයේ දැකවේ.

  1. චූෂණ පහර (Intake stroke) 
  • මෙහිදී පිස්ටනය TDC සිට BDC දක්වා ක්‍රමයෙන් ගමන් කරයි. 
  • මේ අතරතුර පිටාර කපාටය වැසී පවතින අතර  චූෂණ කපාටය විවෘතව පවතී.
  • පිස්ටනය මෙහිදී  BDC දක්වා ගමන් කරන විට දහන කුටීරයේ පරිමාව ක්‍රමයෙන් වැඩිවේ මෙනිසා සිලින්ඩරය තුල වායු පීඩනය වායු ගොලීය පීඩනයට වඩා අඩු වේ.එම නිසා බාහිර වායු ගෝලයේ වාතය චූෂණ කවුළුව ඔස්සේ එන්ජිම තුලට ගලා ඒම සිදු වේ.
  • මෙලෙස වායු ගෝලීය වාතය එන්ජිම් සිලින්ඩරය තුලට ඇදගනමින් TDC සිට BDC දක්වා ගමන් කිරීම චූෂණ පහර ලෙස හැදින්වේ. 

   2.සම්පීඩන පහර (Compression stroke)

  • චූෂණ පහර අවසන් වු පසු සම්පීඩන පහර ආරම්බ වේ.
  • මෙහිදී පිස්ටනය BDC සිට TDC දක්වා ගමක් කරයි.මෙහිදී කපාට සියල්ල වැසී තිබේ.
  • මෙහිදී පිස්ටනය TDC දක්වා ගමන් කිරීමේදී සිලින්ඩරයේ පරිමාව අඩු වන බැවින් සිලිනඩරය තුල පීඩනය ඉහල යයි.මෙලෙස සිලින්ඩරය තුල ඇති වායුවේ පීඩනය වැඩි කරමින් BDC සිට TDC දක්වා පිස්ටනය ගමන් කිරීම සම්පීඩන පඑරයි.

   3.බල පහර(Power Stroke)

  • සම්පීඩන පහර අවසන් වූ පසු මෙය ආරම්බ වේ.
  • මෙහිදී පිස්ටනය TDC සිට BDC දක්වා ගමක් කරයි.මෙහිදී කපාට සියල්ල වැසී තිබේ.
  • බල පහර අතරතුරදී එන්ජිමේ ඉන්ධන දහනය විම සදු වේ.මෙය සිදු වන්නේ පඅලිගුවක් මගිනි(Spark plug).
  • මෙහිදී නිකුත් වන තාපය නිසා සිලික්‍න්ඩරය තුල ඇති වායු මිෂණය ප්‍රසාරනය වි පිසනෙය මත තෙරපුම් බලයක් යොදා පිස්ටනය BDC දක්වා තල්ලු කර හරී.එමගින් ඉන්දන දහන‍යෙන් නිපදවන ජවය සම්බන්දක දඩු ඔස්සේ දගර කද වෙත සම් ප්‍රෙෂනය වෙයි.
  • මෙලෙස එන්ජිම තුල සිදුවන ඉන්ධන දහනයෙන් නිදහස් වන ශක්තිය දගරකද වෙත සම් ප්‍රෙෂණය කරමින් TDC සිට BDC දක්වා සදුවන පිස්ටනයේ චලිතය බල පහර වේ.

  4.පිටාර පහර(Exhaust Stroke)

  • බල  පහර අවසන් වූ පසු මෙය ආරම්බ වේ.
  • මෙහිදී පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරන අතර චූෂණ කපාටය වැසී තිබේ.
  • මෙමගින් එන්ජිම තුල දහනය වූ වයු පිටාර කපාටය හරයා එනජිම් සිලිනිඩරය‍ෙන් ඉවත් කරමින් BDC සිට TDC දක්වා පිස්ටනයේ සිදුවන චලිතය පිටාර පහර ලෙස හදුන්වයි.
පිටාර පහර අවසනයේ නැවත චූෂණ පහර ඇරම්බ වේ. ඉහත සදහන් කල පහරවල් හතර සම්පූර්න කිරීම සිව් පහර සම්පූර්න සව් පහර එන්ජිමක ක්‍රියාවලි චක්‍ර ලෙස හැදින්වේ. මේ සදහා දගර කද වට දෙකක් හෙවත් අංෂක 720 ක ප්‍රමානයක් භ්‍රමනය විය යුතුය. දෙපහර එන්ජිමක් ක්‍රියකරන ආකාරය පහත රෑපයේ දැක්වේ.


දෙපහර එන්ජිම(Two Stroke) 

සිව් පහර එන්ජිමක ක්‍රියාකාරී චක්‍රය සම්පූර්ණ කිරීමට දගර කද වට දෙකක් භ්‍රමනය විය යුතුය.නමුත් දෙපහර එන්ජිම් වල  ක්‍රියාකාරී චක්‍රය සම්පූර්ණ වීමට අවශ්‍ය වන්නේ එක් වටයක් පමණී.එම අංශක 360 භ්‍රමන පරිසයේදී පිසටනය පහරවල් දෙකක් සදු කරයි.එනම් යටි පහර සහ උඩු පහර ලෙසයි.මෙම පහරවල් දෙක තුලදී චූෂණය කිරීම සම්පීඩනය කිරීම ඉන්ධන දහනය (බල පහර) දහනය වු වායු ඉවතට රැගෙන යාම යන ක්‍රියාවල් සතරම සදු වේ.එම නිසා මෙයැනි එන්ජම් දෙපහර එන්ජිම් ලෙස හැදින්වේ.එමෙන්ම දෙපහර එන්ජිමක  සිව් පහර එන්ජිමකට වඩා වෙනස් කම් කීපයක් පවතී.එනම් වාතය එන්ජිම ඇතුලට ඇද ගැනීම සදහා යොදා ගන්නා චූෂණ කවුළු එන්ජිමෙ සිලින්ඩරයටම සම්බන්ද කර ඇත. පිස්ටනය චලනයේදී එහි පිහිටීම අනුව එය ඇරීම හො වැසීම සිදුවේ.දයනය වු වායු ඉවතට ගෙන යාම සදහා පිටාර කවුළුව සිලින්ඩරයේ උඩකොටසට සම්බන්ද කර ඇත.එය ඇරීම හෝ වැසීම සදහා කපාට යොදා ගනී.

  •  යටි පහර

යටි පහරේදී එනම් පිස්ටන්ය TDC සිට BDC දක්වා ගමන් කිරිමේදී එන්ජිම තුලට බාහිර වාතය ගලා ඒම (චූෂණ ක්‍රියාවලිය)දහනය වු වායු ඉවතට රැගෙන යාම(පිටාර ක්‍රියාවලිය)යන ක්‍රියාවලි දෙකම සිදු වේ.

මෙහිදී පලමුව පිටාර කපාටය විවෘත වන අතර දහනය වු වායුව පිටතට ගලා යයි.ඉන්පසු පිස්ටනය පහලට යත්ම චූෂණ කව්ළු විවෘත වී එ හරහා බාහිර වාතය ඇතුලට ගලා ඒම සදු වේ.මෙහිදි වැඩි වායු ප්‍රමානයක් එන්ජිම තුලට ඇදගැනීම සදහා චූෂණ කව්ළුවට පුඹුවක් නැතහොත් ධමකයක් (Blower) යොදා ඇත.

  • උඩු පහර 

යටි පහරේදී එනම් පිස්ටන්ය BDC සිට TDC දක්වා ගමන් කිරිමේදී සම්පීඩන ක්‍රියාවලිය සහ ඉන්ධන දයහනය යන ක්‍රියාවලි දෙකම සිදු වේ.මෙම කාල පරාසයේ දී කපාට හා කවුලු වැසී පවති.දෙපහර එන්ජිමක් ක්‍රියකරන ආකාරය පහත රෑපයේ දැක්වේ.



ඉහත සදහන් කල පහරවල් දෙකම සිදුවන්නේ දගර කද එක් වටයක් කැරකීමෙන්ය.


එමෙන්ම දහන ක්‍රියාවලිය අනුව ද එන්ජිම් වරග දෙකකට කැඩිය හැකිය.එනම්

  1. පුලිගු ජ්වලන එන්ජිම්(Spark Ignition engines)
  2. සම්පීඩන ජ්වලන එන්ජිම්(Compression ignition engines)
මෙම කොටස් සම්බන්දයේ්න් ඊලග ලිපියෙන් බලාපොරැත්තු වන්න.

Comments