ඉන්ධන සැපයුම් පද්ධතිය Fuel supply system

ඉන්ධන සැපයුම් පද්ධතිය(Fuel supply system)


ඉන්ධන සැපයුම් පද්ධති පිළිබද කතා කිරීමේදී ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධතිය හා පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය යනුවෙන් කොටස් දෙකක් පිළිබද මෙහිදී කතා කිරීමට සිදුවේ.මෙහිදී ඉන්ධන වල භෞතික ගුණාංග කීපයක් ඇත ඒවා පහත වගුවේ දැක්වේ.  

පෙට්‍රල් ඉන්ධන පද්ධතිය

පෙට්‍රල් ඉන්ධන පද්ධතිය ලිළිබද කතා කිරීමේදී ඉන්ධන ටැංකිය,පෝෂණ පොම්පය,ඉන්ධන පෙරහන්,
කාබියුලේටරය,ඉන්ධන නළ මාර්ග ආදී කොටස් පිලිබද කතා කිරීමට සිදුවේ.මෙම එක් එක් කොටස පිලිබදව 
මෙතැන් සිට කෙටියෙන් කතා කරමු.

  1. ඉන්ධන ටැංකිය(Fuel tank) 



  • මොටර් රථයේ එන්ජිම ක්‍රියාකිරීමට අවශ්‍ය ඉන්ධන රැස් කර තබා ගැනීම සදහා ඉන්ධන ටැංකිය භාවිතා කරනු ලබයි.
  • මෙය තුනී තහඩුවෙන් නිපදවා ඇත.ඇතුලත මලකෑම වැලැක්වීම සදහා ක්‍රෝමියම් වැනි ලොහයන් ආලේප කර ඇත.
  • ටැංකිය ඇතුලත වාරක තහඩු යොදා (Baffle palates)කුටීර වෙන්කර ඇත.එමගින් තෙල් කැලැත්තීම වැලකේ.නමුත් ටැංකියේ පතුල් ප්‍රෙද්ෂ වල තේල් ගලායාමට හැකිවන පරිදි මෙම වාරක තහඩු යොදා ඇත.
  • ඉන්ධන ටැංකිය මෝටර් රථය තුල සවිකරනු ලබන්නේ එන්ජිමට හැකිතාක් දුරින්ය.ඉට හේතුව ඉන්ධන වහා ගිණි ගන්නා සුලු ද්‍රව්‍යක් වන නිසාද එන්ජිම අධකව රත් වීම නිසා ගිනි ගැනීමට ලක්විය හැකි නිසා.  

      2.පිරවුම් වැසුම(Filler cap)

  • ටැංකිය තුලට ඉන්ධන පිරිවීම සදහා මෙය විවෘත  කල යුතුය.එමෙන්ම ටැංකිය ඇතුලත කැලබීමක් සිදු උවහොත් ඉන්ධන පිටතට විසිවීම වලක්වයි.
  • වායුගෝලයේ පි්‍ීඩනය හා ටැංකිය තුල පීඩනය සමාන කිරීම සදහා පිරවුම් වැසුම තුල කුාඩා සිදුරක් ඇත.
  • මෙම සිදුර මගින් ඉන්ධන පිටතට වාෂ්ප වීම නිසා වායු දූෂනය සිදුවේ.නමුත් නවීන වාහන වල ඉන්ධන පිටතට වාෂ්ප වීමට ඉඩ නොදී ප්‍රතිසංස්කරණය කිරීම වැනි ක්‍රම භාවිතා කරනු ලබයි. 

     3.පිට කිරීමේ ඇබය(Drain plug)

  • පිටකිරීම් ඇබය මගින් ඉන්ධන ටැංකිය තුල එකතු වන අපද්‍රව්‍ය ඉවත් කල හැකිය.
  • සමහර පිටකිරීමේ ඇබ වල චුම්බකයක් සවි කර ඇත.එමගින් ටැකිය තුල එකතු වන ලෝහ කොටස් අකාර්ෂණය කර රදවා තබා ගත හැකිය.

     4.ඉන්ධන ආමානය(Fuel gauge)

  • ඉන්ධන ආමානය මගින් ටැංකිය තුල ඇති ඉන්ධන ප්‍රමානය දැන ගත හැකිය.
  • ඉන්ධන ආමානය ටැංකිය ඇතුලත සවිකර ඇති අතර,එයට සවිකර ඇති ඉපිල්ලක් හා විචල්‍ය ප්‍රතිරෝධයක් මගින් ඉන්ධන අඩු වන විට ඉපිල්ල පහලට යැමත් සමග විචල්‍ය ප්‍රතිරෝධය වැඩි ප්‍රතිරෝධයක් ගන්නා අතර ඉන්ධන වැඩි වු විට අඩු ප්‍රතිරෝධයක් ගනී.
  • මෙසේ වෙනස් වීම් වලට අනුව ඉන්ධන ප්‍රමාණය මට්ටම් දර්ෂකය මගින් පෙන්නුම් කරනු ලබයි.
  • මෙය ගැල්වනෝ මීටරයක මූලද්මයට අනුව හෝ සංඛයාංක ක්‍රමය අණුව ක්‍රියාත්මක වේ. 

      5.ඉන්ධන පෙරහන(Fuel filter)

  • ඉන්ධන වල ඇති අපද්‍රව්‍ය නිසා එන්ජිමේ ක්‍රියාකාරීත්වයට බාදා පමුණුවයි.එම නිසා ඉන්ධන වල ඇති අපද්‍රව්‍ය ඉවත් කර එන්ජිම වෙත ලබාදිය යුතුය.මෙ සදහා ඉන්ධන පෙරහන් යොදා ගනී.  


ඉතිරි කොටස් පිළිබදව ඊලග ලිපියෙන් කතාකරමු.!

ලිපිය ගැන ඔයාලගේ අදහස් පහලින් Comment  කරගෙන යන්න. ස්තූතියි 







Comments