සැබැදුම් දණ්ඩ හා දගර කද(Connecting road and Crank )
සැබැදුම් දණ්ඩ හා දගර කද(Connecting rod and Crank )
සැබැදුම් දණඩ{පිස්ටන් අත} (Connecting rod)
පිස්ටනයක් දගර කදට සම්බන්ද වනුයේ සැබැදුම් දන්ඩ මගිනි.පිස්ටන් අතෙහි එක් කෙලවරක් කුඩා වන අතර එය කුඩා කොන(Small end) ලෙස හදුන්වයි.අනෙක් කොන විෂාල වන අතර එය මහ කොන(Big end) ලෙස හදුන්වයි.
මහ කොන දගර කදට සම්බන්ද වන අතර කුඩා කොන පිස්ටනයට සම්බන්ද වේ.පිස්ටන් අත දඩු වානේ හෝ ඩියුරැලූමින්(Duralumin) භාවිතයෙන් හෙලා තැලීම මගින් නිපදවනු ලබයි.පිස්ටන් අතෙහි දෙකෙලවරටම බෙයාරින් සම්බන්ද වී ඇත.පිස්ටන් අත පිස්ටනයට සම්බන්ද වන්නේ පිස්ටන් ඇණය යොදා ගැනේ.මෙය දෙපසට තල්ලු වීම වැලැක්වීම සදහා මුදු අගුළු (Circlip)බාවිතා කරනු ලබයි.
දගර කද(Crank Shaft)
දගර කදක ප්රධාන කාර්ය වන්නේ වන්නේ එන්ජිම තුල ජනනය වන ජවය සැබදුම් දන්ඩ ඔස්සේ දගර කද වෙත ලබා ගෙන එය භ්රමන චාලක ශක්තිය බවට පරිවර්තනය කිරීම යි.දගර කදෙහි එන්ජිම් බදට සවි වන කොටස් ප්රධාන ජර්නල (Main journal)ලෙස හැදින්නෙ අතර ඒසදහා යොදාගනු ලබන බෙයාරිම ප්රධාන බෙයාරිම(Main bearings) ලෙස හදුන්වනු ලැබේ.(දගර කද දෙදරීන් වලින් තොර වීමට එන්ජින් බදට තදින් සවි කල යුතුය.එය සිදු
කරනුයේ ප්රධාන බෙයාරින් ආදාරයෙන් ප්රධාන ජ්නල තුලය.)මෙය මිශ්ර වානේ යොදා ගනිමින් හෙලා තැලීමෙන් හෝ වාත්තු කිරීම මගින් නිපදවනු ලබයි. )මෙහි තෙල් සැපයිමට දගර කද තුල තෙල් සිදුරු සකස් කර ඇත. දගර තදේ එක් කෙලවරකට ජව රෝදය ද(Fly wheel)අනෙක් කෙලවරට කම්පන පරිමන්දකය සහිත (Vibration damper) කප්පිය ද සවි වේ.පරිමන්දකය සහිත කප්පිය දගර කදෙහි ඉදිරි පස වෙ.මෙය කම්ප ්න පරිමන්දක කප්පියට සවි වීමට ප්රතම කැමි දන්ඩ හා සම්බන්ද වී කපාට ක්රියාත්මක වමේ යාන්ත්රනය සිදුවේ.
Comments
Post a Comment