කැමි දණ්ඩ , ජව රෝදය හා කපාට හදුනාගනිමු(Cam shaft,Fly wheel,Valve)

 කැමි දණ්ඩ , ජව රෝදය හා කපාට හදුනාගනිමු.




ජව රෝදය(Fly wheel)

  • ජවරෝදය දගර කදෙහි පසුපස කෙළවරට සවිවේ.
  • මෙහි ප්‍රධානම කාර්ය වන්නේ බලපහරේදී  පිස්ටන් අත මගින් දගර කද වෙත ලාබාදෙන බලය රදවාගෙන අනෙකුත් පහරවල් වලදී දගර කද  කැරකවීම සදහා එම බලය ලබාදීම යි.
  • අරම්බක මොටරය(ස්ටාටර් මෝටරය) සිවවීම සදහා ජවරෝදයේ පරිදිය වටා දැති රෝදයක් ඇත.  

කපාට(Valve)

  • අවශ්‍ය වු විට එන්ජිමට බාහිර වාතය ලබා ගැනීම හා දහනය වූ වායු ඉවත් කිරීමට කපාට බාවිතා කරනු ලබයි
  • එන්ජිම් සිලින්ඩරයක් සදහා කපාට දෙකක් යොදා ගනු ලබයි. එනම් චූෂණ කපාටය හා පිටාර කපාටය ලෙසයි.
  • චූෂණ කපාටයේ හිසෙහි විෂ්කම්බභය පිටාර කපාටයෙහි හිසෙහි විෂ්කම්බයට  වාඩා විශාලත්වයෙන් වැඩිය.
  • කපාට ක්‍රියාතිමක වන්නේ කැමිදන්ඩ මගිනි.කැමිදන්ඩෙහි කැමි පෙති මගින් කපාටක්‍රියාත්මක වේ.
  • කපාට තනා ඇත්තේ මිශ්‍ර වානේ වලිනි.මෙහි වැදගත් කොටස වන්නේ කපාට මුහුණතයි. කපාට මුහුණත කපාටයක් ඉතා හොදින් වැසි තිබීමට බලපාන ප්‍රධාන සාධකයක් වේ.මේම නිසා මුහුණත කෝණාකාරව කපා ඇත.සාමාන්‍යයෙන් මෙහි කෝණය 45` හෝ 30` පමණ වේ.විශේෂයෙන් සම්පීඩන පහරේදී හෝ බල පහරේදී මෙම වෑල්ව හොදින් වැසි තිබිය යුතුය.මේ නිසා මෙම මුහුණත පලුදු රහිතව නිමවා ඇත.

කැමි දණ්ඩ(Cam shaft)

  • කපාට ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන කැමි පෙත්ත අඩංගු වන ඊෂාව කැමි දණඩ ලෙස හදුන්වනු ලැබේ.
  • දගර කදට සම්බන්ධ වන ගියර රෝදයක් හෝ එළවුම් පටි  හෝ දම්වැල් මගින් කැමි දණ්ඩ භ්‍රමණය කරනු ලැබේ. 
  • කැමි දණ්ඩේහි වේගය දගරකදෙහි වේගයෙන් හරි අඩක් පමණ වේ.
  • මෙය එන්ජිම් හිස තුල පිහිටා ඇත.
  • කැමි දණ්ඩ ක්‍රියාකරණ ආකාරය පහත රෑප වල දැක්වේ.
 






ලිපිය ගැන ඔයාලට හිතෙන දෙ පහලින් Comment කරලා යන්න. ඊලග ලිපියෙන් ඉක්මනටම හම්බෙමු!

Comments