එන්ජිමක ප්‍රධාන සංරචක(එන්ජිම් බද,එන්ජිම් හිස,ත‍ෙල් දෙන)

එන්ජිමක ප්‍රධාන සංචරක



එන්ජිමක් ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතය
  1. එන්ජිම් හිස(Engine head)
  2. එන්ජිම් බද (Engine block)
  3. තෙල් දෙන (Oil pan)

එන්ජිම් හිස(Engine head)

  • එන්ජිම් හිස නිපදවනු ලබන්නේ චීනචට්ටි හො ඇලුමිනියම් වාත්තු කිරීම මගිනි
  • එන්ජිම් බදෙහි ඉහල කොටස ආවරනය කරනු ලබන්නේ එන්ජිම් හිස මගිනි.
  • මෙහිදි එන්ජිම් හිස එන්ජිම් බද හා සම්බන්ද කිරීම සදහා පොට සහිත ඇණ බාවිතා කැරනු ලබයි.එහිදී එන්ජිම් සිලින්ඩරයේ ඇති වායු පීඩනය විමේදී කාන්දු වීම වලක්වා ගැනීම සදහා ගෑස්කටයක් බාවිතා කරනු ලබයි. 
  • චූෂණ හා පිටාර කපාට මෙන්ම චූෂණ හා පිටාර කවුළු , පුුලිගු පේනු හො ඉන්ධන විදින අන්තර් ගත වන්නේ ද එන්ජිම් හිස තුළය.
  • තවද එන් එන්ජිම් හිසට සම්බන්ද වන උපාන්ග සිසිල් කිරීම සදහාත් ස්නේහනම කිරීම සදහාත්  වෙන වෙනම සාදන ලද කුහර එන්ජිම් හිස තුල අන්තර ගතය.


 එන්ජිම් බද(Engine block)



  • සිලින්ඩර බඳ එන්ජිමක ප්‍රධානතම සැකිල්ල වේ.
  • පිස්ටන ඉහල පහල යෑමසදහා සුමට සිලින්ඩරා කාර කුටීර පිහිටා තිබෙන්නේ එන්ජිම් බද තුලය.
  • තාපයෙන් ඉන්ජින් බද ආරක්ෂා කිරීම සදහා සිසිලන ද්‍රව්‍ය ගමන් කිරීමට කුහර  එන්ජිම් බද ඇත.
  • චලනය වන කොටස් වල ඝර්ෂණ බලය අවම කිරීම සදහා ස්නේහනය කිරීම සදහා අවශය ලිහිසි තෙල් ගමන් කිරීමට කුහරද එන්ජිම් බද තුල පිහිටා ඇත.මෙම කුහර සිසිලන ද්‍රව්‍ය ගලායන කුහර හා සම්බන්ද නොවේ.
  • කාලයත් සමග පිස්ටනයේ බිත්ති ගෙවියාම සිදු වේ.එවිට වායු මිශ්‍රණය කාන්දු වීම සිදු වෙ.එය  පුඔු කාන්දු ලෙස හදුන්වයි..එවිට එන්ජිමේ කාරයක්ෂම තාව අඩුවෙ.
  • එන්ජිමේ පහල කොටස දගර කද හා සම්බන්ද වන අතර එය දගර කුටීරය ලෙස හදුනවයි.(දගර කද සවි වීමට බෝර බාවිතා කරනු ලබයි.)


තෙල් දෙන(Oil pan)




  • එන්ජිමේ සනේහන පද්දතියේ ක්‍රියාකාරීත්වයට අවශය තෙල ගබඩි කර තබා  ගැනීම සදහා මෙය බාවිතා කරයි.
  • එන්ජිමෙ බදට පහලින් ඇණ මගින් මෙය සවිවේ.සවිවීමේදී වායු රෝධක මුද්‍රා ත්තවයක් ඇති කර ගැනීම සදහා ගෑස්කටයක් බාවිතා කරනු ලබයි.
  • මෙහි තෙල් ඉවත් කිරීම සදහා තෙල් දෙනහෙි යටි පැත්තෙන් ඇබයක්(Drain plug) සවිකර ඇත.
  • තෙල් දෙන වානේ යොදා ගනමින් හෙළා තැලීම මගින් නිපදවනු ලබයි. 






ලිපිය ගැන ඔයාට හිතෙන දේ Comment කරල යන්න.∗∗∗∗∗

Comments