මොටර් රථ එන්ජි‍ම් වර්ගීකරණය

 මොටර් රථ එන්ජි‍ම් වර්ගීකරණය 

මෝටර් රථ එන්ජිම් වර්ගීකරණයේදී විවිධ නිර්ණායක පදනම් කරගත හැක. එ අනුව,
  • ඉන්ධන දහන දහනය වන ස්ථානය අනුව.
  • ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව.
  • එක් එන්ජිම් චක්‍රයකදි යොදා ගන්නා පහරවල් ගණන අනුව.
  • භාවිත වන ඉන්ධන වර්ගය අනුව. 
  • එන්ජිමේ ඇති සිලින්ඩර් ගණන අනුව සහා ඒවා පිහිටුවා ඇති ආකාරය අනුව.
  • යොදා ගන්නා සිසිලන ක්‍රමය අනුව.

  1. ඉන්ධන දහනය වන ස්ථානය අනුව

  • එන්ජිමක ඉන්ධන දහනය වන ස්ථානය අනුව එන්ජිම් වර්ග දෙකකි එනම්,අභයනිතර දහන එන්ජිම්(Internal combustion engines) හා බාහිර දහන එන්ජිම් (External combustion engines)ලෙස ය.
  • අතීතයේදි බාහිර දහන එන්ජිම්(වාෂ්ප එන්ජිම්) මොටර් රථ සදහා බාවිතා කලද අභයන්තර දහන එන්ජිම පැමිනීමත් සමග එය නතර විය.
  • මෙතෙක් ලිපි වලදී කතා කරන ලද සියළු එන්ජිම් අභයන්තර දහන එන්ජිම්ය.
  • විදුලි ජනනය කිරීම සදහා යොදා ගන්නා වාෂ්ප තල බමනය වර්ථමානයේ බාහිර දහන එන්ජිමක් සදහා නිදසුනකි.
  • මෙහිදී ගල් අගුරැ,න්‍යෂ්ටික බලය,දර හෝ වෙනත් ඉන්ධන වර්ගයක් භාවිතයෙන් අධික පීඩනයක් සහා උෂ්ණත්වයක් සහිත හුමාලය බවට හරවා තලබමනය වෙත සපයනු ලැබේ.
  • ටර්බයිනය හරහා ගමන් කිරීමේදි හුමාලය තුල ගබඩා වී ඇති ශක්තිය පරිවර්තනය කෙරේ(න්‍යෂටික බලය බාවිතයේදි දහන ක්‍රියාවලියක් සිදු නොවන අතර න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින්  ජලය රත් කිරීමට අවශ්‍ය තාපය නිපදවා ගනු ලැබේ)  
  • අභයන්තර දහන එන්ජිමක් හා සැසදූ කල බාහිර දහන එන්ජිමක දහන ක්‍රියාවලිය නොකඩවා සිදුවේ.වේ

  2.ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව

එන්ජිමක ඉන්ධන දහනය වන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකි.එනම්,
  • පුලිගු ජ්වලන එන්ජිම්
  • සම්පීඩන ජ්වලන එන්ජිම්
මෙම එන්ජිම් වරග දෙක ගැන මීට පෙර ලිපි වල කතා කර ඇත.

  3.එක් එන්ජිමේ චක්‍රයකදි යොදා ගන්නා පහරවල් ගණන අනුව

එක් එන්ජිම් චක්‍රයකදී පිස්ටනය ඉහළ පහළ යන වාර ගණන අනුව එන්ජිම් කොටස් දෙකකි.
  • දෙපහර එන්ජිම්
  • සිවුපහර එන්ජිම්
මෙම එන්ජිම් පිලිබදවද මීට පෙර ලිපි මගින් සාකච්ඡා කර ඇත.

සිවුපහර එන්ජිමක් හා සැසදු කල  දෙපහර එන්ජිමක ඇති වාසී.

  • දෙපහර එන්ජිම් වලට කාපාට භාවිතා නොවන නිසා එවායේ සැකැස්ම ඉතා සරලය.
  • සවුපහර එන්ජිමකට වඩා ප්‍රමානයෙන් කුඩා වන අතර බරින්ද අඩු වේ.
  • පෙහර එන්ජිමක දගර කද භ්‍රමණයවන සෑම වටයකට වරක්ම බල පහර මගින් ජයව නිපදවෙන අතර එම නිසා එන්ජිම මගින් සපයන ව්‍යාවර්තයේ උච්චාවචනයන් අවම වේ.
  • බහු සිලින්ඩර් එන්ජිමක මිනිත්තුවට කැරකෙන භ්‍රමණවාර ගණන (R.P,M)නම් මිනිත්තුවකදී ඇතිවන බල පහර සංඛ්‍යාව (R.P.M x n)/2 මලින් ගණනය කළ හැකිය.

සිවුපහර එන්ජිමක් හා සැසදු කල  දෙපහර එන්ජිමක ඇති අවාසී.

  • දෙපහර සැකැස්ම හේතු කොට ගෙන දහනය වී ඉතිරි වන වායු සියල්ලම එන්ජිමේන් ඉවතට තල්ලු කර යැවීම නොහැකිය.එම නිසා චූෂණ පහරේදි එන්ජිම තුලට ලබාගන්නා වායු ප්‍රමානයද අඩු වේ.එම නිසා උපරිම ජවයක් නිපදවා ගත නොහැකිය.
  • මෙම එන්ජිම් වල විශෙෂයෙන් නිපදවන ලද ස්නේහන පද්දතියක් නෙමෙැති අතර ස්නේහනයට අවශ්‍ය ලිහිසි තෙල් ඉන්ධන සමග මීශ්‍ර කර ලබා දේ එම නිසා ලාහිසි තෙල්ද දහනය වීම සදුවෙ එම නිසා විෂ වායු පරිසරයට එක් වීමේ අවදානමක් පවති. 

  4.බාවිත වන ඉන්ධන වර්ගය අනුව.

  • මෝටර් රථ සදහා ඉන්ධන ලෙස ප්‍රධාන වශයෙන් ඩීසල් හෝ පෙට්‍රල් බාවිතා කරනු ලබයි.
  • ඒ අනුය ඩීසල් එන්ජිම් හා පෙට්‍රල් එන්ජිම් ලෙස එන්ජිම් වර්ගකර දැක්විය හැකිය.
  • නමුත් තෙල් මිල ඉහල යෑමත් තෙල් නිධි ක්ධය වීමත් නිසා නිෂ්පාදකයින් විකල්ප ඉන්ධන ලෙස යොමු වී ඇත.
  •  ජීව ඩීසල්,එතනොල්,මෙතනොල් වැනි ද්‍රව ඉන්ධන හා ප්‍රොපේන් හා මීතෙන් වැනි වායු වර්ග ප්‍රචලිත වී ඇත.

  5.එන්ජිමේ ඇති සිලින්ඩර් ගණන සහා ඒවා පිහිටුවා ඇති අකාරය අනුව

  • එන්ජිමක අඩන්ගු සිලින්ඩර් ගණන එම එන්ජිම මගින් කොතරම් ජවයක් නිපදවා ගන්නේද කුමන ස්ථානයකට යොදාගනනේද යන කරැනු මත පදනම් වේ.
  • වැඩි ජවයක් නිපදවා ගැනීමට අවශ්‍ය වු විට වැඩි සිලින්ඩර් ප්‍රමානයක්ද අඩු ජවයක් අවශ්‍ය වු විට අඩු සිලින්ඩර් ප්‍රමානයක්ද යෝදා ගැනේ.
  • එමෙන්ම සින්ඩරයේ පරිමාව වැඩි වු විට අඩු සිලින්ඩර් ප්‍රමාණයකින් වැඩි ජවයක් නිපදවා ගත හරකිය.
  • ඒ අනුව එන්ජිමේ සිලින්ඩර්  පිහිටා ඇති ආකාරය අනුව කොටස් දෙකකට කැඩිය හැකිය.
  1. සිලින්ඩර් එකක් සහිත එන්ජිම් [(තනි සිලින්ඩර් එන්ජිම්)  Single cylinder engines]
  2. සිලින්ඩර් එකට වාඩි ඇති එන්ජිම් [(බහු සලින්ඩර් එන්ජිම්) Multi cylinder engine]
බහු සිලින්ඩර් එන්ජිමක සිලින්ඩර් දෙකක් හො ඊට වැඩි ගණගක් පිහිටුවයි.මෙහිදී සිලින්ඩර් පිහිටුවා ඇති  ආකාරය අනුව ද කොටස් කීපයකට බෙදිය හැකිය.ඒවා පහත පරිදි දැක්වේ. 

එකෙලි එන්ජිම්(Inline engine)



මෙම එන්ජිම් වල සිලින්ඩර් එක පෙළට සරල රේඛාවක්  ඔස්සේ පිහිටයි.මෙලෙස එකපෙලට පිහිටුවා ඇති සිලින්ඩර් කීපයක් සිලින්ඩර් බැංකුවක් (Cylinder bank)ලෙස හදුන්වයි. සාමාන්‍යයෙන් මෙම එන්ජිමක සිලින්ඩර් 2 සිට 6 දක්වා ඇතුලත් කරන අතර අවශ්‍ය නම් ඊට වැඩි ගණනක් යොදා ගනී.

V හැඩති එන්ජිම් (V engine)




මෙම එන්ජිම් සිලින්ඩර් බැන්කු දෙකක් V අකුරෙහි හැඩයට සිටින සේ සම්බන්ද කර ඇත.මෙහිදී අඩු දිග ප්‍රමානයකින් වැඩි සිලින්ඩර් ප්‍රමානයක් ඇතුලත් කල හැකිය.මෙහිදී සිලින්ඩර් බැංකු දෙකෙිහිම සම්බන්දක දඩු එකම දගරකදකට සම්බන්ද වේ. 

W හැඩැති එන්ජිම් (W engine)



මෙහැදි සිලින්ඩර් පේලි තුනක් W හැඩයට සම්බන්ද වේ.මෙහිදී පේලි තුනෙහිම සම්බන්දක දඩු එකම දගර කදකට සම්බන්ද වේ.

විරැද්ධ ලෙස සිලින්ඩර පිහිටන එන්ජිම් (Opposed cylinder engine/ Horizontal flat engine)



v හැඩැති එන්ජිමක සිලින්ඩර් බැන්ක අතර කොණය අංශක 180' වූ විට  එය විරැද්ධ සිලින්ඩර් එන්ජිමක් ලෙස හැදින්වේ.

විරැද්ධ පිස්ටන් එන්ජිම් (Opposed piston engine)



මෙහිදි සලින්ඩර පිහිටන ආකාරය ඉහත රෑපයේ පරිදි දැක්වේ.මෙහිදි සිලින්ඩර් පේලි දෙක සදහා වෙන් වෙන් වශයෙන් දගර කදවල් දෙකක් පිහිටා ඇත.ඒ යාට සැපයෙන ජවය එකම ඊෂාවකට සැපයේ.මෙහිදී පිස්ටන් එකම එන්ජසම් සිලින්ඩරයේ පිහිටා ඇති අතර ඒවායේ ක්‍රියාකාරීක්ව සමානය සිදුවේ.සෑම පහරක්ම පිස්ටන් දෙක එකම විට ආරම්බ කරන අතර අවසානයද එසේ සිදුවේ.

අරීය එන්ජිම්(Radial engine)

 


මෙහිදී ඉහත රෑපයේ පරිදි සිලින්ඩර් කීපයක් අරීයව එකම දගර කදකට සම්ඉන්ද වේ.මේවා බෝහේ විට අතීතයේදී හෙලිකොප්ටර් සදහා බාවිතා කරන ලදි.මෙම එන්ජිම් වලද අනුවැටුම් චලිතයක් සිදු වේ.

 භ්‍රමක එන්ජිම්(Rotary engine)



මෙහිදී සාමාන්‍ය එන්ජිමක භාවතා වන පිස්ටන්  හා සම්බන්දක දඩු දක්නට නොලැබේ.මෙම එන්ජිම් වල භාවිතා වන්නේ ත්‍රිකෝනාකාර විකේන්ද්‍ර භ්‍රමකයක් (Eccentric rotor) හෙවත් භ්‍රමක පිස්ටනයක් (Rotary piston) මෙම එන්ජිම් වල භාවිතා වේ.වැන්කල් එන්ජිම් (Wankel engine) මෙවැනි එන්ජිම් අතරින් මෝටර් රථ සදහා බහුලව භාවිතා කරනු ලබයි.

  6.යොදාගන්නා සිසිලන ක්‍රමය අනුව

  • සිසිලන ක්‍රමය අනුව එන්ජිම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි 
  1. වාත සිසිලන පද්දතිය
  2. ද්‍රව සිසිලන පද්දතිය
  • වාත සිසිලන පද්දතියකදී රත් වූ එන්ජිමක  පෘෂ්ටය මතට වාත ධාරාවක් ගැටීමට සැලාස්වීම මගින් මගින් එන්ජිම සිසිල් කරන් ලැබේ.
  • එන්ජිම හා වාතය අතර තාප හුවමාරැව කාර්යක්ෂම කිරීම සදහා මෙම එන්ජිම් සදහර සිසිලන වරල් යොදා ගනී. 
  • ඉතා ඉහල තාප ධාරිතාවක් සහිත එන්ජිම් සිසිල් කීරීම සදහා ද්‍රව උපයෝගි කරගනී.


ලිපිය ගැන ඔයාලගේ අදහස් පහලින් Comment  කරගෙන යන්න. ස්තූතියි

Comments