මෝටර් රථවල භාවිතාවන සුවිශේෂි උපක්‍රම

මෝටර් රථවල භාවිතාවන සුවිශේෂි උපක්‍රම








වර්ථමානයේ මෝටර් රථ නිෂ්පාදකයන් මුහුන දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නනේ මෝටර් රථවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා ඉන්ධන දහනය මගින් ඇතිවන විමෝචක වායු පාලනය කිරීමයි.අධික ලෙස භාවිතයත් සමග ඉන්දන හිග වීම මිල ඉහල යාම හා පරිසරය ආරක්ෂා කිරීමට පනවා ඇති නීිති රෙගුලාසි මේ සදහා බලපායි.

කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ උපක්‍රම.

චූූෂණ පහරේදී පුඹුවක් ආදාරයෙන් එන්ජිම් සිලින්ඩරය තුලට සම්පීඩනය කරන ලද වාතය එන්ජිම තුළට සැපයිම මගින් වැඩි වායු ප්‍රමාණයක් සිලින්ඩරය තුලට ලබා ගත හැක් අතර සම්පිඩන පහර අවසානයේදී වායු පීඩනය වැඩිකර ගත හැකිය. එමගින් එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩිකරගත හැකිය.මෙය කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමේ උපක්‍රමයක් ලෙස නවීන මොටර්රථ වල මෙම ක්‍රමය භාවතා කරයි.මෙහිදි මෙම පුඹුව ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් භාවිතා කරනු ලභයි.

ඉන් එක් ක්‍රමයක්නම්,  පරිමන්දක කප්පිය හරහා පටි එළවුමක් මගින් පුඹුව ක්‍රියාත්මක කිරීම යි.

  • මෙවැනි පුඹුවක් බලවර්ධකයක් (Supercharger) ලෙස හදුන්වනු ලැබේ.
  • මෙහිදි බල වර්ධකය ක්‍රියාත්මක වීම සදහා එන්ජිමෙන් නිපද වන ජවයෙන් කොටසක් වැය වේ.
  • පහකද රෑපයේ මගින් පුඹුවක් හා පුඹුවක් එන්ජිමට සවි වන ආකාරයයි.

අනෙක් ක්‍රමයනම් පිටාර වායුව මගින් පුඹුවේ තල බමණය ක්‍රියාත්මක කිරීම.

  • මෙය බමන සම්පීඩකය් (Turbo charger) ලෙස හදුන්වයි.
  • මෙය පිටාර වායුව මගින් ක්‍රියාත්මක වන නිසා මෙම ක්‍රමය ඉතා වාසිදායක වේ.
  • මෙම ක්‍රමය පුලිගු  ජ්වලන එන්ජිම් වල  පෙට්‍රල වැන ඉන්ධන භාවිති කරන එන්ජිම් වල මෙම ක්‍රයම බොහෝදුරට බාවිතා නොකරයි.(වැඩි සම්පීඩන අනුපාතයනකදී ඉන්ධන මිශ්‍ර වාතය ස්වයන් ජලනයට ලක්වන නිසා)එම නිසා මෙම ක්‍රමය සම්පීඩන ජ්වලන එන්ජිම් සදහා භාවිතා කරයි.
  • නමුත් වැඩි ජවයක් අවශ්‍ය වන පුලිගු ජ්වලන එන්ජිම් සදහා මෙය භාවිතා කරනු ලබයි.(ධාවන තරග සදහා භාවිතා කරන මෝටර් රථ සදහා)
  • පහත රෑප මගින් මෙ එන්ජිමට සවිවන ආකාරය දක්වා ඇත.

විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රම

  • නොදැවුණු හයිඩ්‍රොකාබන්(HC),නයිට්‍රජන් ඔක්සයිඩ්(NOx), කාබන් මොනොක් සයිඩ්(CO) විමෝචක වායු රෙගුලාසි මගින් සීමා කරන ලද ප්‍රධානතම අහිතකර වායු වර්ග වේ.
  • අසම්පූර්ණ  ඉන්ධන දහනය නිසා නොදැවුණු හයිඩ්‍රොකාබන් නිපදවෙන අතර,දහන උෂ්ණත්වය අදික ලෙස ඉහල යෑම නිසා නියිට්‍රජන් ඹක්සයිඩ් හා කාබන් මොනොක් සයිඩ් නිපද වේ.
  • මෙලෙස අහිතකර වයු මුදාහැරීම අවම කිරීම සදහා ප්‍රධාන ආකාර දෙකක් බාවිතා කරයි.
  1. එන්ජිම තුල ඉන්ධන දහනයේදී විමෝචක වායු නිපද වීමේ ක්‍රියාවලිය පාලනය කිරීම.
  2. එන්ජිමෙන් නිපදවනු ලැබු විමෝචක වායු බාහිර පරිසරය වෙත මුදා හැරීම අවම කිරීම.

  • පිටාර වායු සංස්කරණය(Exhaust gas Recirculation-EGR)
දහන උෂ්ණත්වය අදික ලෙස ඉහල යෑම නිසා නියිට්‍රජන් ඹක්සයිඩ් හා කාබන් මොනොක් සයිඩ් නිපද වේ.එම නිසා දහනයේදි සිදු වන උෂ්ණත්වය අවම කරගැනීම මගින් මෙම වායු නිපදවීම අවම කරගත හැකිය.අධික තාප දාරිතාවක් සහිත දහනයට සහබාගී නොවන වයුවක් චූෂණ වායුව සමග මිශ්‍රකර එන්ජිම තුළට ලැබීමට සැලැස්විම මගින්  මෙම අවශ්‍යතාව සපුරාගත හැකග.මෙ සදහා ආදෙෂකයක් ලෙස කාබන්ඩයොක්සයිඩ් යොදා ගත හැකිය.

පිටාර වායුවේ අධක කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ඇතිබැවින් මේ සදහා පිටාර වායුව යොදා ගැනීම ඉතා පහසු හා වාසීදායකය. මෙම පිටාර වායු චූෂණ පහර සමග මිශ්‍ර කිරීමට පෙර සිසිල් කිරීම සිදු කල යුතුය.මෙ සදහා පිටාර වාත සිසිලකය භාවිතා කරයි.පහත රෑපය මගින් එය සිදුවන ආකාරය පැහැදිලිවේ.

  • උත්ප්‍රේරක පරිවර්තනය(Catalytic converter)
මෙහිදී සිදුවන්නේ එන්ජිමෙන් පිටවන පිටාර වායු විමෝචක රසායනික ප්‍රතික්‍රියා මාර්ගයේන් වෙනත් වායු බවට පරිවර්තනය කිරීමයි.මෙසදහා යොදාගන්නා උපාංගය උත්ප්‍රේරක පරිවර්තකය ලෙස හදුන්වනු ලැබේ. අධික උෂ්ණත්වයේ ඇති පිටාර වායු උත්ප්‍රෙරක පරිවර්තකය හරහා ගමන් කිරීමේදී රසායනික ප්‍රතික්‍රියා සිදු වි හානිකර නොවන වෙනතු වායූන් බවට පත් වේ. මෙහිදී උත්ප්‍රෙරකය ප්ලැටිනම් , පැලේඩියම් හෝ රෝඩියම් වැනි ලොහ භාවිතා කරයි.මෙහිදි පහත දැක්වෙන ප්‍රතික්‍රියා සිදු වේ.

Comments