දෙපහර පුලිගු ජ්වලන එන්ජිම් හා දෙපහර සම්පීඩන ජ්වලන එන්ජිම්

දෙපහර පුලිගු ජ්වලන එන්ජිම් හා දෙපහර සම්පීඩන ජ්වලන එන්ජිම්.






දෙපහර පුලිගු ජ්වලන එන්ජිම් වල ක්‍රියාකාරීතවය(Two stroke spark ignition engines)

  • මෙම එන්ජිම් වල වායු හුමාරැ වීම සදහා කපාට දක්නට නොලැබෙ. එ වෙනුවට පිස්ටනයේ පිස්ටනයේ පිහීටීම අනුව ඇරෙන වැසෙන කවුළු එන්ජිම් බදට සම්බන්ද කර ඇත.
  • මෙහිදී පළමුව සිදු වන්නේ උඩු පහරයි.එනම් පිස්ටනය පහල සීමාවේ සිට ඉහල සීමාවට පැමිනීමයි.(BDC සිට TDC දක්වා යෑම)මෙහිදී පිස්ටනය ඉහලට පිටාර කවුලු වැසී යන අතර චූෂණ කවුළු විවෘත වෙ.මෙහිදී දගර කද කුටීරය තුල පරිමාව වැඩිවේ එම නිසා ඉන්ධන මිශ්‍ර වයු චූෂණ කවුළු ඔස්සේ එන්ජිම තුලට ගලා ඒම සිදු වේ.මෙහිදී පිස්ටනයේ ඉහල  කෙලවරට මුලින් ඇතුළු වී ඇතී ඉන්ධන මිශ්‍ර වායු සම්පීඩනයට ලක්වේ.මෙහිදී පිස්ටනය TDC වෙත ලගාවත්ම පුලිගු පේනුව මගින ඇති කරනු ලබන ගිණි පුලිගුව හේතුවෙන් දහන ක්‍රියාවලිය ආරම්බ වේ. (පිස්ටනය TDC වෙත ලගාවන විට චූෂණ කවවුළුව විවෘත වේ.)
  • ඉන්පසු යටි පහර ආරම්බ වේ. එනම්  පිස්ටනය TDC සිට BDC දක්වා ගමන්කිරීම.මෙහිදි උඩු පහර අවසානයේදී ඉන්ධන දහනය නිසා ඇතිවන අදික පීඩනය නිසා පිස්ටනය පහලට තල්ලු තර යවනු ලබයි.මෙහිදී පිටාර කවුළුව විවෘත වී දහනය වූ වායු එන්ජිමෙන් ඉවතට යයි.මේ වන විට චූෂණ කවුළුව හා හුවමාරැ කවුළුව යන දෙකම වැසී පවතී.පිස්ටනය තවත් පහලට පැමිණී විට හුවමාරැ කවුළුව විවෘත වී ඉන්ධන මිශ්‍ර වාතය එන්ජිම් සිලින්රඩය තුලට ඇතුළුවේ.නැවත පිස්ටනය BDC වෙත පැමිණි විට නැවත උඩු පහර ආරම්බ වී මෙම චක්‍රය අක්ඩව සිදුවේ.
  • මෙම එන්ජිම යතුරැපැදි , ත්‍රිරෝද රථ වල , කුඩා විදුලි ජනක යන්ත්‍රවල ,දෙපහර බල වේග කියත්(Power saw) බහුලව බාවිතා කරයි.


දෙපහර සම්පීඩන ජ්වලන එන්ජිම්(Two stroke compression ignition engines)

මෙහි එන්ජිමේ සැකැස්ම ඉහත සදහන් කල එන්ජිමේ සැකැස්මට බොහො සේ සමානය.මෙහි ඉන්ධන නිකුත් කිරීම සදහා ඉන්ධන විදිනයක් භාවිතා කරනු ලබයි.මෙය එන්ජිම් සිලින්ඩරයේ ඉහල කොටසේ සව්කර ඇත.
  • මෙහිදීද පලමුව උඩු පහරේදී ක්‍රියාවලිය ආරම්බ වීම සිදු වේ.(පිස්ටනය BDC පිහිටුමේදී)මෙම අවස්තාවේ දී චූෂණ කවුළුව සම්පූර්නයෙන් විවෘත වි ඇති අතර පිටාර කපාටයද සුළු වශයේ විවෘතව පවතී.මෙහිදී පුඔුවක් ආදාරයෙන් චූෂණ කවුළුව හරහා වාතය එන්ජිම තුලට ඇතුල් කර එවන අතර පිටාර කපාටය හරහා දයනය වි අවසන් වු වායු ඉවතට යාමද සිදුවේ.
  • මෙලෙස පිස්ටනය ඉහලට යන විට (TDC වෙත ලගා වන විට) සලින්ඩරය තුල ඇති වායු සම්පීඩනයට ලක්වන අතර ඉන්ධන විදිනය මගින් ඉන්ධන සිලින්ඩරය තුලට නිකුත් කරන අතර දහන ක්‍රියාවලිය ආරම්බ වේ.(ඉන්ධන දයනය වීම සදහා සිලින්ඩරය තුල උශ්ණත්වය ඉන්ධන වල ජ්වලන උශ්ණත්වයට වඩා වැඩි විය යුතුය)මෙසේ පිස්ටනය TDC වෙත පැමිනි විට උඩු පහර අවසන්වේ.
  • ඉන්පසු යටි පහර ආරම්බ වේ(පස්ටනය TDC සිට BDC දක්වා ගමන් කිරීම).දහනයේදී ඇතිවන පීඩනය නිසා පිස්ටනය පහලට තල්ලු වීම සිදු වේ.මෙහිදී එන්ජිමට අවශය ජවය නිපදවා ගැනේ.පිස්ටනය පහලට පැමිනෙන විට පිටාර කපාටය විවෘත වන අතර පිස්ටනයේ මුදුන චූෂණ කවුළුව පසු කලවිට චූෂණ කවුළුවද විවෘත වි වාතය ඇතුල් වීම සිදු වේ.මෙම අවස්තාවේදී එන්ජිම් සිලින්ඩරය තුල පීඩනය වායු ගෝලීය පීඩනයට වඩා වැඩි අගයක් ගනී.එම නිසා පුඔුවකින් එන්ජිම තුලට වාතය ඇතුලත් කිරීම අත්‍යවෂය වේ.මෙසේ පිස්ටනය BCD කරා පැමිනි විට යට් පහර අවසන්වේ.මෙලෙස මෙම චක්‍රය අකන්ඩව සිදු වේ. 
  • බොහෝ විට මෙම එන්ජිම් මොටර් රථ සදහා බාවිතා නොකරන අතර බහුල වශයෙන් නැවු වල හා විදුලි උත්පාදනය සදහා යොදා ගැනේ.    


දෙපහර පුලිගු ජ්වලන එන්ජිම් හා දෙපහර සම්පීඩන ජ්වලන එන්ජිම් වල ක්‍රියාකාරීත්වය මෙලෙස සිදු වේ.

Comments