මූලික ස්වයංචල තාක්ෂණවේදය(Basic Automobile Technology) - එන්ජිමක් යනු
මූලික ස්වයංචල තාක්ෂණවේදය(Basic Automobile Technology) - එන්ජිමක් යනු
- මෝටර් රතයක් සදහා අවශ්‍යය ජවය ලබා ගත හැකි ප්‍රාතමික චාලකයක් එන්ජිමක් ලෙස හැදින්වේ.
- මෝටර් රථ සදහා විවිධ වරගයේ එන්ජිම් බාවාතා කරයි.
- ඉතා සුලබව බාවිතා වන එන්ජිමක් ලෙස අනුවැටුම් චලිතයක්(ඉහල පහල) සහිත පිස්ටන් සිලින්ඩර් එන්ජිම්(Reciprocating Piston Engines) බාවිතා කරයි.
- එසදහා අවශ්‍ය ශක්ති ප්‍රබවය ලෙස විවිධ ඉන්ධන බාවිතා කරයි.
- මෙහිදී සිදු වන්නේ ඉන්ධන දහනයෙන් ලැබෙන තාප ශකතිය චාලක ශක්තිය බවට පරිවර්තනය කිරීමයි.
පිසටනය එන්ජිම හා සම්බන්ද විඇති ආකාරය
- එන්ජිම තුල සිලින්ඩරා කාර කුටිරයක් තුළ ක්‍රමානුකූලව පිස්ටනයට ඉහල පහල යෑමට හැකිවන පරිදි රදවා ඇත.
- මෙලෙස පිස්ටනය සම්බන්ද කර ඇති කුටීරය එන්ජිම් සිලින්ඩරය නමින් (Engine Cylinder) හදුන්වයි.
- පිස්ටනයේ සම්බන්දක දන්ඩ (Connecting Rod)මගින් දගර කද (Crank Shaft)හා සමිබන්ද වී ඇත.
- පිස්ටනය එන්ජිම තුල පිහිටන ආකාරය පහත රෑපයේ දැක්වේ.
- සෑම විටම එන්ජිමේ උඩු මුහුන හා එන්ජින් සිලින්ඩරයේ කපාට සහිිත සවෘත මුහුණත()අතර හිස් අවකාෂයක් පවති අතර එය පිස්ටනයේ අනුවැටුම් චලිතයේදී (ඉහල පහල යැමේදී) කිසිවිටෙකත් එකින් එක ස්පර්ෂනොවේ.
- ඉන්ධන දහන ක්‍රියාවලිය සිදුවන්නේ එම හිස් අවකාෂය තුලයි.එම ප්‍රෙද්ශය දහන කුටීරය(Combustion chamber) ලෙස හදුන්වයි.
- පිස්ටනයේ උඩ මුහුනත චලනයේදී ලගාවන උපරිම පිහිටුම මුදුන් සීමාව (Top Dead Centre -TDC ) ලෙසද,එය ලගා වන අවම පිහටුම පහළ සීමාව (Bottom Dead Center - BDC )ලෙසද හැදින්වේ.
- මෙලෙස TDC සිට BDC දක්වා හෝ BDC සිට TDC දක්වා ගමන් කරන වාරයක් පහරක් (Stroke)ලෙස හැදින්වේ.
- සිලින්ඩරයේ ඉහල් කොටසේ කවුලු දෙකක් පිහටයි.ඉන් එක් කවුලුවක් දහනය සදහා අවශ්ය වාතය එන්ජිම තුලට ලබා ගැනීම සදහාද අනෙක ඉන්ධන දහනයෙන් පසුව ඉතිරිවන වායු මිශ්‍රනය ඉවතට මුදා හැරීම සදහාය.
- එම කවුළු අවශය පරිදි ඇරීම වැසීම සදහා කපාට (Valves) බාවිතා කරයි.
- බාහිර පරිසරයේ ඇති වායු ඇතුලට ඇද ගැනීම සදහා යොදා ගන්නා කවුළුව චූෂණ කවුළුව(Intake Port) ලෙස හැදින්වෙන අතර එ සදහා යොදා ගන්නා කපාටය චූෂණ කපාටය (Intake Valve) ලෙස හැදින්වේ .
- එමෙන්ම දහනය වු වාතය ඉවතට ගෙනයනු ලබන කවුළුව පිටාර කවුළුව (Exhaust port) ලෙසද එ සදහා යොදා ගන්නා කපාටය පිටාර කපාටය(Exhaust valve) ලෙස හැදින් වේ.
අනු වැටුම් චලාතය සහිත පිස්ටන් එන්ජිම් එවායේ ක්‍රියාකාරිත්වය අනුව ප්‍රධන වෂයේන් කොටස් දෙකකට කැඩිය හැකිය
- දෙපහර එන්ජිම් (Tow Stoke engine)
- සිවු පහර එන්ජිම් (Four Stole engine)
Comments
Post a Comment