තාක්ෂණවේදයේ බලපෑම්

 තාක්ෂණවේදයේ බලපෑම්


තාක්ෂණ‍වේදය මගින් සිදු කරන්නේ මිනිස් අවෂ‍්‍යතා හා උවමනා ඉටු කරගැනීම සදහා විසදුම් ලබාදීම යි.එනිසා මිනිසාට හා පරිසරයට යහපත් මෙන්ම අයහාපත් බලපෑම්ද ඇති කරයි.එහෙත් එමගින් සිදුවන අයහාපත් බලපෑම් අවම කරගැනීමට වර්තමානයේ ජිවත් වන අප විසින් අවදානය යොමු කිරීම ඉතා වැදගත්ය.තක්ෂණය යනු දිනේන් දින සංංවර්නධය වන්නකි.එහි ප්‍රතිලාබ වර්තමානයේ මෙන්ම අනාගතයේ සිටින සියල්ලන්ටම එකසේ ලැබිය යතුය.එම නිසා මෙගින් ඇතිවිය හැකි බලපෑම් පිලිබදව අවබෝධකොට ගැනීම ප්‍රයෝජනවත්ය.එවැනි බලෑම් කීපයක් පහත පරිදි දැක්යෙව්.

  මිනිසාට හා සමාජයට ඇතිවන බලපෑම්

  • තාක්ෂණයට සාපේකෂව ප්‍රජා වි්‍යාප්තිය

අතීතයේදි එනම් ප්‍රාග් ඓතිහාසික යුග වලදී ප්‍රජා ව්‍යාප්තිය සිදු වන්නේ ජල මූලාශ්‍ර කේනද්‍ර කොගෙන ය.ඊට හේතුව වන්නේ ඹවුන්ගේ ජීවනෝපාය සක්ස් වි තිබුනේ කෘෂිකර්මාන්තය මතයි.නමුත් තාක්ෂණයේ සංවර්දනයත් සමග ජනතාවද නාගරික ප්‍රදේශ කරා ඇදී එන්නට විය.ඊට හේතුව වන්නේ  තාක්ෂණයේ දියුනුවත් සමග ආර්ථික කටයුතු වලද පුලුල් වෙනසක් සිදු වීම නිසා වැටුප් හා ආදායම් ලැබීම පිනිස මෙලෙස නාගරික ප්‍රෙද්ශ කරා ඇදී එන්නට විය.

  • ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම

මෙහිදී ප්‍රාග්ධනය ලෙස අදහස් වන්නේ යම් පුද්ගලයකු සතු වත්කම් ප්‍රමානය යි.අතීතයේදී එය තීරනය වූයේ පුද්ගලයකු සතු ඉඩම් ප්‍රමානය හා සතුන් සංඛ්‍යාෙවන්ය.නමුත් වර්තමානයේ දී ඉඩම් හා සත්ව හිමිකාරිත්වයට අමතරව පාරිබෝගික භාන්ඩ හා සම්පත්ද කර්මාන්ත හා බුද්දිමය දේපලද ඉට එක් විය.

  • නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩි වීම.   

තාක්ෂණය බාවිතයෙන් නපද වූ යෙදවුම් මගින් ඉහල ජවයකින් හා ඉතා වේගයකින්  කාර්ය සිදු කිරීමේ හැකියාව ලැබී ඇත.මිනිස් ශමයට වඩා යන්ත්‍ර බාවිතය නිස ගුනාත්මක බාවය ඉහල මට්ටමක පැවතීම,අපතේ යෑම් හා නිෂ්පාදන හානි අවම වීම ආදී වාසි අත්පත් කරගෙන ඇත.මෙයි ප්‍රතිපලයක් ලෙස ආර්ථිකයේ ශ්‍රිග්‍ර වර්ධනයක් හා යම් රැකියා අනවශ්‍යවීම වීම හා එහා සම්බන්ද දැනුම හා කුසලතා මත නව රැකියා බිහි වි ඇත.

  • සෞඛ්‍ය තත්වයේ ඇති වු වෙනස 

තාක්ෂණවේදයේ සංවර්ධනයත් සමග සෞඛ්‍ය  කේෂ්‍රය සදහා නව උපකරන හදුන්වා දීමට හැකීයාව ලැබී ඇත.එමගින් රෝග හදුනා ගැනීම හා ප්‍රතිකාර කිරීම ඉතා පහසු විය.එහි ප්‍රතිපලයක් ලෙස මරණ අනුපාතිකය අඩු වීමත් ඊට සාපේක්ෂව ආයු අපේක්ෂාව වැඩිවීමත් සිදු විය.එමගින් ජනග්‍රහනයේ ශීග්‍ර වර්දනයක්ද සිදුවිය. කේසේවෙතත් තක්ෂණවේදයේ දියුනුවත් සමග මිනිසාගේ සෞඛ්‍යෙරෙහි දැඩි බලපැමක් ඇතිවිය.ඊට හේතුවනම්  යන්තුසූත්‍ර නිසා මිනිසාගේ ක්‍රියා කාරීත්වය අඩු වීමත් සමග ස්ථූලබාවය,තරබාරැව,හෘද රෝග, දියවැඩියාව අධික රැදිර පීඩනය ආදී විශාල රෝලග ප්‍රමාණයක් වැලදි ඇත.මේවා තාක්ෂණවේදයේ අතුරැ ප්‍රතිපල ලෙස හැදින්විය හැක.

  • පවුල් සබදතා තුල සිදු වූවෙනස් කම්

තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය මගින් සමස්ත ලෝකයම හකුලුවා සමීපකොට තිබේ.එය හදුන් වන්නේ විෂ්ව ගම්මාන සංකල්පය යනුවෙනි.මෙමගින් ඹනෑම ප්‍රෙද්ශයක සිටින පුද්ගලයින් ඉතා කෙටි කාලයකින් සම්බන්ද කරගත හැකිය.මේම සියල්ල නිසා පවුලක තබිය යුතු සම්බ්දතාවයන් ගිලිහී ගොස් ඇත.ඇතැමි විට පරිගනකයට ඇබ්බැහහි වීම,රෑපවාහිනියට ඇබ්බැහි වීම ආදී කටයුතු නිසා පවුල සමග තිබේන සම්බන්දතා ගිලිහි ගොස් ඇත.

  • තොරතුරැ හා දැනුම ලබා ගැනීම 

   වර්තමානයේ තොරතුරැ හා දැනුම ලබා ගැනීම සදහා තාක්ෂනයේ දියුනුව  මහත් පිටුවහලක් වී ඇත.තම නිවසේ සිටම දෙස් විදෙස් අද්‍යාපනය ලැබීම ඉතා පහසු කාර්යකි.දුරස්ත අද්‍යාපනය මේවන විට ඉතා ප්‍රචලිත වී ඇත.

  • ආරක්ෂාව

තාක්ෂණයේ දියුනුව අරක්ෂාව විශාල පිටුවහලක් විය.ස්වභාවික විපත් කලින් හදුනා ගැනීම.කාල ගුන අනාවැකි පල කිරීම ඉට අවශ්‍ය පිවර ගැනීම එමගින් ලද සාදනීය පිවර කීපයකි.නමුත් තාක්ෂණය බාවිතයෙන් ඇතැම් රට වල ආරක්ෂාව සදහා නිපදවා ඇති අවි ආයුද නසා ලොකයම අනාරක්ෂිත තත්වයකට පත්විය හැකිබව දැකිවිය හැකිය.

  • සංස්කෘතියේ සිදු වූ වෙනස් කම්

දැනට වසර කීපයනට පෙර තිබූ සංස්කෘතිය හා වර්තමානයේ තිබෙන සංස්කෘතික ලක්ෂන සමග හා වර්තමානයේ පවතින සංස්කෘතික ලක්ෂන අතර විශාල වෙනස් කම් ප්‍රමානයක් තාක්ෂණයේ බලපෑම් හේතුවෙින වෙනස් වී තිබේ.අතීතයේ අපේ රටේ පැවති කෘෂිකර්මාන්තය සමග පැවති සංස්කෘතික ලක්ෂන වර්තමානය වන විට වයැකී ගොස් ඇත.වර්තමානය වන විට මිනිස් ගුණධර්මයත් මිනිසා තුලින වේගයෙන් ඉවත්ව යයි.මිනිසාගේ කාරය බහුල ජීවිතය මෙයට බලපායි.

පාරසරික  වශයෙන් සිදු වූ බලපෑම්

  • පරිසර දූෂණය

පරිසර දූෂනය වීම සදහා බලපාන ප්‍රදානම හේතු ලෙස ස්වභාවික පරිසර පද්දතියට ආගන්තුක දෑ එකතු වීම හා පරිසරයේ සංචාරක අනවශ්‍ය ලෙස පරිහරනයට ගැනීම යි.තාක්ෂණික උපකරන වලින්  පිවන අපද්‍රව්‍ය හා විවිධ රසායන ද්‍රවය්‍ය පරිසරයට එකතු වීම  කෘෂිකාර්මික කටයුතු වලදි බාවිතා වන පලිබෝද නාශක පොලවට එකතු වීම දිරාපත් නොවන ද්‍රව්‍ය පරිසරයට එකතු වීම කර්මාන්තශාලා වලින් පිටන  වායුගෝලයට එක් වීම ශීතකරන වලින ක්ලොරෝ ෆ්ලුවොරො (C F C) වායුව වායු ගෝලයට එකතුවීම කර්මාන්තශාලාවලින් වාහන මගින් පිටවන අදික ශබ්දය රසායනික ද්‍රව්‍ය සහිත ජලය පරිසරයට එකතු වීම ආදී කටයුතු නිසා ශ්වසන ආද ඇතිවීම ජලය අපිරිසදු වීම  ඹ්සොන් ස්තරය විනාෂවීම ශ්‍රවනාබාද ඇතිවීම ආදී බොහෝ ගැටළු තාක්ෂණවේදයේ දියුනුවත් සමග ඇතිවිය.

එමෙන්ම පරිසර දූෂණය අවම කරගැනිම සදහාද විවිද පියවර අනුගමනය කරනු ලබයි.

උදා 

*පොසිල ඉන්දන දහනයේදි සිදු වන කාබන් මොනොක්සයිඩ් වායු ගෝලයට අවම කිරීම සදහා දෙපහර එන්ජින් භාවිතය අවම කොට එසදහා විකල්ප ක්‍රම සොයා ගැනීම

*ශීතකරන වල භාවිතා වන CFC වායුව තහනම් කිරීම.

*අවම ගෙන්දගම් ප්‍රතිශතයක් සහිත ගෙන්දගම් බාවිතය(සල්ෆර් ඩයොක්සයිඩ් වායුගෝලයට එක් වීම අවම කිරීමට)

  • ගොලීය උෂ්ණත්වය ඉහල යෑම හා හරිතාගාර බලපෑම

හරිතාගාර යනු පාලිත පරිසර තත්වයක් යටතේ බෝග වගා කිරීම සදහා මනා ලෙස සූර්යාලෝකය ලැබෙන පරිදි වීදුරැ වැනි පාරදෘෂ්‍ය ද්‍රව්‍යක් බාවිතයෙන් ආවරනය නරන ලද නිවෙස් වේ.හරිතාගාර ආවරනය යනු මෙම හරිතා ගාරය මතට සූරය රශ්මිය පතිත වීමේදි  තාපය පිටවී යාමට අවකාශය ලබා නොදී රදවා ගනිමින් බාහිර උෂ්ණතවයට වඩා වැඩි අගයකින් පවත්වාගෙන යාම.මෙම හරිතාගාර නිසා වායු ගෝලීය උෂණතවය ඉහල යෑම සිදු  වේ.

  • ස්වභාවික සම්පත් ක්ෂය වීම

ස්විභාක සම්පත් යනු ස්වභාවදර්මයෙන් අපට ලැබුනු එවාය ස්භාවික සම්පත් අතරින් බොහෝ දේ පුනර්ජනනීය නොවන එවාය. පොසිල ඉන්ධන‍ අමුද්‍රව්‍ය හා ඉනධන ලෙස විශාලවසහෙන් බාවිතා කිරිම නිසා ශ්‍රීඝ්‍ර යෙන් ක්ෂය වෙමින පවති.එමෙන්ම තඹ ඊයම් නිෂ්පාදනය සදහා අකන්ඩව යොදා ගැනීම නිසා ක්ෂය වීමෙ අවදානමක් මතුවී ඇත.එමෙන්ම මෙමගින් පාරසරික සමතුලිත තාව බිද වැටීම ද සිදු වේ.එමෙන්ම වනාන්තර එලිකීරීම නිසා ද ස්බාවික සම්පත් විනාෂවීය යි.

  • නව පරිසර නිර්මාණය වීම

නවීන තාක්ෂණය බාවිතය‍ෙන් කාන්තාර තුල ශාක වැවීම මෙවන විට ආරම්බ කර ඇත.එමෙන්ම කදු කපා සමතලා බිම් බවට පරිවර්තනය කිරීම  මුහුදු ගොඩ කිරීම එවැනි ක්‍රියාකාරකම් කීපයකි.මෙය යම් තරමිකින් ඉතා හොද ක්‍රියාවක් උවද මෙමගින් යම්යම් පාරසරික බලපෑම්ද ඇතිවිය හැක.


තාක්ෂණවේදයේ අනාගත ප්‍රවනතා

  • උපරිම ලෙස සූර්යා ලෝකය ජෛව ස්කන්ද පුනර්ජනනීය බලශක්ති බාවිතයට ගැනීම
  • විදුලිය ඉතිරිකර ගැනීම පිනිස සූත්‍රිකා පහන් වෙනුවට LED බල්බ නිෂපාදනය.
  • රැහැන් රහිත සම්බන්දතා වරධනය කිරීම.
  • සූර්යශක්තිය බාවිතනෙය්න් පැදවිය හැකි මෝටර් රථ නිෂ්පාදනය.
  • දූවිලි නොරැදෙන ඇදුම් පැලදුම් නිර්මානය.

මෙසේ තාක්ෂනයේ බලපෑම නිසා විවිද දේ සදු වී ඇත.

    

Comments